Loading..

හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය සඳහා නම් කිහිපයක් යෝජනා වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඉල්ලා අස්වී ඇති බවට වන දැනුම්දීම ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක ප්‍රකාශ කළා.

ඊට අදාළ ගැසට්‌ නිවේදනය අද දිනයේ නිකුත් කරන බව ඔහු සඳහන් කළා.

එමෙන්ම හිස්වී ඇති මන්ත්‍රී ධූරය සඳහා වෙනත් නමක් මැතිවරණ කොමිසම වෙත එවන ලෙසත් ජාතික ජන බලවේගයේ ලේකම්වරයා වෙත දැනුවත් කිරීමට නියමිත බවද සභාපතිවරයා පැවසුවා.

මෙම මන්ත්‍රීධූරය සඳහා නම් කිහිපයක් යෝජනා වී ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ.

The post හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය සඳහා නම් කිහිපයක් යෝජනා වෙයි appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/3a6251E
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.