සමගි ජන බලවේගය (SJB) පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් ඉවත් කිරීමේ පාර්ලිමේන්තු යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
සජබ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් මෙම තීරණය ගත්බව ගයන්ත මහතා ඩේලිමිරර් පුවත්පතට පවසා තිබේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වා තිබූ ගයන්ත කරුණාතිලක මහතා,
“පොලිස්පති ලෙස තෙන්නකෝන්ගේ පත්වීමට අප විරෝධතා ඉදිරිපත් කළ අතර, එම පත්වීමට එරෙහිව අප අධිකරණයටද ගියෙමු. එබැවින්, මෙම යෝජනාවට ඡන්දය දීම අපගේ තීරණයට ගැලපෙන එකක්.”
The post දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි යෝජනාව පිළිබඳව සමගි ජන බලවේගය ගත් තීරණය appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/uvHyp3j
via IFTTT

