Loading..

මත්පැන් ලෝලීන්ට තරු විසිවෙන ආරංචියක්! ප්‍රසිද්ධ මත්පැන් සමාගමක් බෝතල්වලට වතුර කලවම් කරලා!

ප්‍රධාන පෙළේ මත්පැන් සමාගමක් මගින් නිකුත් කරන මත්පැන් බෝතල්වලට වතුර කලවම් කර විකිණීමේ ජාවාරමක් නීතියේ රැහැනට හසු කර ගැනීමට සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් පිරිසක් සමත් වී තිබුණා.

මෙම ජාවාරම්කරුවන් පිරිස මත්පැන් බෝතල්වල මූඩි සූක්ෂම ලෙස ගලවා ඊට වතුර කලවම් කර නැවත මූඩි සවිකර විකුණා ඇති බවට අනාවරණය වී තිබෙනවා.

එවැනි මත්පැන් බෝතල් 33ක් ද සුරාබදු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් සුරාබදු කොමසාරිස්ජනරාල්තුමාගේ උපදෙස් පරිදි එම මත්පැන්හලට මුද්‍රා තබා ඇති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

The post මත්පැන් ලෝලීන්ට තරු විසිවෙන ආරංචියක්! ප්‍රසිද්ධ මත්පැන් සමාගමක් බෝතල්වලට වතුර කලවම් කරලා! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/F4PCa9A
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.