2025 ආසියානු කුසලන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවයට හිමිකම් කියන්නට ප්‍රබල ඉන්දීය කණ්ඩායම ඊයේ (28) රාත්‍රියේ සමත් වුණා.
ඒ, ඩුබායි හිදී පැවති අවසන් මහා තරගයේ දී පාකිස්ථාන කණ්ඩායම කඩුලු පහකින් පරාජය කරමින්.
මෙවර තරගාවලියේ දී අපරාජිතව ශූරතාවය දිනාගැනීමට ඉන්දියවට හැකියව හිමිවීම විශේෂත්වයක් වන අතර, මෙවර තරගාවලිය තුළ පාකිස්ථානය ඉන්දීය කණ්ඩායම හමුවේ අවස්ථා තුනක දී පරාජයට පත්වීම ද විශේෂත්වයක්.
මේ අතර මෙවර තරගාවලියේ ශූරතාවයට හිමිකම් කියූ ඉන්දීය කණ්ඩායම ත්‍යාග ප්‍රධානෝත්සවයේ දී ශූරයින් වෙනුවෙන් හිමිවන ආසියානු කුසලානය ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ, තරගයෙන් පසු පැවති ත්‍යාග ප්‍රධානෝත්සවයේ දී කුසලානය පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා අතින් ලබාගැනීමට තිබීම හේතුවෙන්.
මේ හේතුවෙන් ඉන්දීය කණ්ඩායම ආසියානු කුසලානය නොමැතිව ජයග්‍රහණය සමරන ආකාරය දැකගත හැකි වුණා.
The post appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/4zb7uBP
via IFTTT

