Loading..

යට ගිය සිද්ධියක් යළි උඩට! මාකදුරේ මධූෂ්ගේ බිරිඳගෙන් පැමිණිල්ලක්!

මධූෂ් ඝාතනය සම්බන්ධයෙන්
බිරිඳ පරීක්ෂණයක් ඉල්ලයි…!

කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ සිටිය දී ඝාතනයට ලක් වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ මාකදුරේ මධූෂ් ගේ මරණය සම්බන්ධයෙන්, ඔහුගේ බිරිද, පොලිස්පතිවරයාගෙන් පරීක්ෂණයක් ඉල්ලයි.

අධිකරණ ක්‍රියාවලියක් ඔස්සේ ඔහුට මරණ දඩුවම ලබා දුන්නද කමක් නැති බව පවසන මධූෂ්ගේ බිරිද, සතෙකු මෙන් සිය සැමියා මහමඟ ඔහු ඝාතනය කිරීම පිටුපස කුමන්ත්‍රණයක් තිබිය හැකි බව සැක කරයි.

මධූෂ්ගේ ඝාතනය සිද්ධ වී වසර පහක් ගෙවී ඇතත්, මේ දක්වා සාධාරණයක් ඉල්ලා නොසිටියේ, ඔහුගේ ඝාතනයට සම්බන්ධ බවට සැක සහිත පුද්ගලයන් පොලිසියේ ඉහළම තැන්වල සිටි නිසා යැයි ඇය පවසයි.

The post යට ගිය සිද්ධියක් යළි උඩට! මාකදුරේ මධූෂ්ගේ බිරිඳගෙන් පැමිණිල්ලක්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/fLRoxpr
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.