Loading..

බදුල්ලේ ස්ථාන 6ක නායයෑම්! 4ක් මරුට! පුද්ගලයින් පිරිසක් අතුරුදන්!

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 6ක සිදුවූ නායයෑම්වලින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

තවත් පුද්ගලයින් නව දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (26) දිනයේ ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක නායයෑම් සහ පස් කඳු කඩා වැටීම් වාර්තා වන බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා පවසනවා.

අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ කටයුතු සඳහා සහන සේවා කණ්ඩායම් තවදුරටත් කටයුතු කරමින් සිටින බව සඳහන්.

The post බදුල්ලේ ස්ථාන 6ක නායයෑම්! 4ක් මරුට! පුද්ගලයින් පිරිසක් අතුරුදන්! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/J96wXNi
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.