කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශ වලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර, එම වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කැලණි ගඟ ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංගා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුව මෙතැන් සිට ඉදිරි පැය 48 ක කාලය තුළ කැලණි ගඟ නිම්නයේ පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.
මේ හේතුවෙන් නෝර්වුඩ්, යටියන්තොට, රුවන්වැල්ල, දැරණියගල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට බලපෑම් එල්ල විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
The post කැලණි ගඟ ආශ්‍රිත ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක් appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/UePN10t
via IFTTT

