Loading..

මාවිල්ආරු සොරොව්ව සහ බැම්ම අවදානම් තත්ත්වයක

මහවැලි ගඟේ ජල ප්‍රමාණය දරාගත නොහැකි තරමට ඉහළ ගොස් ඇති හෙයින්, මාවිල්ආරු සොරොව්ව සහ මාවිල්ආරු ජලාශයේ බැම්ම මේ වන විට අවදානම් තත්ත්වයක පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් අජිත් ගුණසේකර පවසනවා.

මාවිල්ආරු සොරොව්ව සහ මාවිල්ආරු ජලාශයේ බැම්ම ඇත්ත වශයෙන්ම අවදානම් තත්ත්වයක පවතින බවත්, කෙසේවෙතත් සොරොව්ව හෝ බැම්ම බිඳී යනු ඇතැයි අපේක්ෂා නොකරන බවද වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

නමුත්, මහවැලි ගඟේ ජලය අධික වේගයකින් ගලා යාම, මෙන්ම එම ප්‍රදේශයට ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් මාවිල්ආරු ජලාශය හා අවට ප්‍රදේශය එකම ජලාශයක් ලෙස දිස්වන බවත්, මේ නිසා සොරොව්ව හෝ වේල්ල කැඩී යාමේ අවදානමක් පවතින බවයි ඔහු පැවසුවේ.

වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මාවිල්ආරු ජලාශයෙන් පහළ ජීවත් වන ජනතාවගෙන් අවදානයෙන් සිටින ලෙසත්, රාත්‍රී කාලය බැවින් හැකිනම් ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසත් ඉල්ලා සිටිනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, හෙට (30) උදෑසන නාවික හමුදාව හෝ වෙනත් ආරක්ෂක අංශවල සහයෝගය ලබා ගනිමින් මාවිල්ආරු ජලාශයේ යම් අනතුරුදායක තත්ත්වයක් තිබේද යන්න නිරීක්ෂණය කර, ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක තොරතුරක් ලබා දෙන බවයි.

The post මාවිල්ආරු සොරොව්ව සහ බැම්ම අවදානම් තත්ත්වයක appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/tO04k2G
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.