ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර ඉදිරි තරඟ සඳහා ක්‍රීඩා නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.
ළහිරු කුමාර පසුගියදා නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවති තරඟය අතරතුර ආබාධයකට ලක්වුණා.
ආබාධය හේතුවෙන් ඔහු නෙදර්ලන්තයට එරෙහි තරගයේ දී යොමු කරනු ලැබුවේ පන්දුවාර 2 ක් පමණයි.
ආබාධය හේතුවෙන් ඔහු යළි දිවයිනට පැමිණීමට නියමිත බවත් තවදුරටත් ප්‍රතිකාර කිරීමට නියමිත බවත් වාර්තා වෙනවා.
ළහිරු කුමාර වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක සහන් ආරච්චිගේ සංචිතයට ආදේශ කිරීමට තීරණය කර තිබෙනවා.
එම ආදේශ කිරීම සදහා තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය අවශ්‍ය වනවා.
The post ලහිරු කුමාරට සුදුසුකම් ලැබීමේ තරගාවලිය අහිමි වෙයි! නවක තුන් ඉරියව් ක්‍රීඩකයෙකු සංචිතයට ඇතුළත් කරයි! first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/otUH0LR
via IFTTT


