කේරළයෙන් පළමුවරට හඳුනාගත් JN -1 නම් නව කොරෝනා වෛරස ප්‍රභේදය සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
මේ වන විට කේරළයේ පමණක් නොව,මෙම ප්‍රභේදය නිසා සිංගප්පූරුවේද කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීම පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ JN.1 යනු කොවිඩ් 19 ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදයේ B.A.2.86 නමැති උප ප්‍රභේදය විකෘති වී නිර්මාණය වූ ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වන ආකාරයේ වෛරසයක් බවයි.
කෙසේවෙතත් මුව ආවරණ පැළඳීම සහ යහපත් සෞඛ්‍ය පුරුදු දිගටම පවත්වාගෙන යාම මඟින් මෙයින් ආරක්ෂා විය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර තිබෙනවා.
මේ වනවිට ඇමෙරිකාවේ ද කොවිඞ් 19 ආසාදිතයන්ගේ වැඩිවීමක් දකින්නට ලැබෙන බවත් ඊට හේතුව ජේ.එන්.1 වයිරස ප්‍රභේදය බව වසංගත රෝග පාලනය සහ ව්‍යාප්තිය වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසන බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඔවුන් වැඩිදුරටත් පවසන්නේ තවමත් නව කොවිඩ් උපප්‍රභේදය හේතුවෙන් මහජන සෞඛ්‍යයට එල්ල වන බලපෑම අවම මට්ටමක පවතින බවයි.
from TODAY NEWS LK https://ift.tt/9FEyAHQ
via IFTTT


