Loading..

රසික සිත් අමන්දානන්දයට පත් කළ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියක් දිවි සැරිය නිම කරයි

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනියක වූ උදුලා දාබරේ මෙනවිය ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඇය මිය යන විට 87 වන වියෙහි පසුවූවාය.

“කැළෑ හඳ” චිත්‍රපටයේ සුළු චරිතයකින් සිංහල සිනමාවට පිවිසි උදුලා දාබරේ මෙනෙවිය කරුණාරත්න අබේසේකරයන්ගේ “ළමා පිටියේ” විවිධ වැඩසටහන්වලට සහභාගී වීමෙන් අනතුරුව 1954- වරදකාගේ ද, රදළ පිළිරුව යන චිත්‍රපට වල විවිධ චරිතවලට පෙනී සිටිමින් අතිශය ජනප්‍රියත්වයට පත් වූවාය.

1956-සිනමාස්ගේ දොස්තර ,දුප්පතාගේ දුක 1958-දස්කම,1959-ගැහැණු ගැට,1960-නළඟන,පිරිමියෙක් නිසා,1961-සුවිනීත ලාලනී,දරුවා කාගේ ද ,1964- සුළලිත ශෝභිනී, සුභ සරණ සැප සිතේ,1965-සැකය,1966-සීගිරි කාශ්‍යප ,කපටිකම,1967-මනමාලයෝ සරණ,1968-අක්කා නගෝ,1969- සූරයන්ගෙත් සූරයා,1970, 1977-හිතුවක්කරයෝ, 1978-සැලී, 1983- චණඩි සිරියා, 2004-රන් දිය දහර, 2008-රෝස කැළළේ හා අවසන් වරට 2018 උදයකාන්ත වර්ණසූරියගේ මධුර චාරිකා චිත්‍රපටයට සිය රංගන දායකත්වය දැක්වූවාය.



from TODAY NEWS LK https://ift.tt/rYwXtp1
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.