Loading..

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු-මැද පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

උතුරු, වයඹ සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-35) පමණ තරමක තද සුළං ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.



from TODAY NEWS LK https://ift.tt/EbsJLuf
via IFTTT
Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.